මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර තරු පන්තියේ හෝටල් කීපයක භෝජන සංග්‍රහ , මත්පැන් සංග්‍රහ දන්සල්.
මහනුවර දිස්ත්‍රික්කය සදහා සමගි ජන සංවිධානයේන් ඉදිරිපත්වි සිටින තරු පන්තියේ හෝටල් කීපයක අයිතිකරුවකු මහනුවර ජන්ද දායකයන් තම හෝටල් වෙත ගෙන්වා මහා පරිමානයේ භෝජන සංග්‍රහ ලබා දෙමින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තම මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරමින් සිටින බවට මහනුවර මැතිවරණ කොමිසම වෙත තොරතුරු වාර්ථා විමත් සමග මැතිවරණ කොමිසම මගින් එ පිළිබද පරීක්ෂණයක් ආරම්භ කර ඇත .
පරීක්ෂණ කාණ්ඩායම විසින් දර්ශන හා චායාරූප මත සිදුකළ පරීක්ෂණයට අනුව දිනකට තුන් හාරසියයක් පමන ජන්ද දායකයන් පිරිසක් ගෙන්වා සංග්‍රහ පවත්වා ඇති බවත් පසුගිය දිනක මැතිවරණ නිළධාරීන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා පස්ස දොරෙන් පැනගිය බව මැතිවරණ කොමිසමට තොරතුරු වාර්ථා වි තිබේ.
සති 2ක කාලයක් තරු 5හේ හෝටල්හි සංග්‍රහ කිරීම් නිසා ඔහු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවත් ඒසේ ජ්න්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයේන් අදාල පුද්ගලයාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා තුඩුදේන කාරණයක් බවත් අතීතයේ ජන්දදායකුට තේ කෝප්පයක්දි මන්ත්‍රී ධුරය අහෝසි වු අවස්ථාවක්ද සදහන් වන බව නිරීක්ෂණය සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය .තවද සංග්‍රහ ලබාදුන් අය පමනක් නොව සංග්‍රහ භුක්ති විදි අය පවා නීතිය ඉදිරියේ වැරදි කරුවන් වි ඇත .
නිරික්ෂන කණ්ඩායම් නියෝජිත්වරයෙක් අප කල විමසීමකදි පවසා සිටියේ රටක නීතිය ආරක්ශා කරන උත්තරීතර පාර්ලිමේන්තුවට තෙරී පත් වන්නට පෙර ඇතම් අපේක්ෂකයන් නිතී උල්ලංඝනය කිරීමම හාස්‍යට කරුනක් බවයි .
මැතිවරණ නීතියට අනුව යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කලත් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇත්නම් එම මන්ත්‍රී ආසනය අහිමි වීමේ අවධානමක් ඇති අතර එම අපේක්ෂකයාට ලබා දෙන ජන්දය ගගට ඉනි කැපුවා වැනි යැයි මතයක් මතුව තිබේ.මෙවැනි ක්‍රියා හේතුවෙන් උපන් බිම වු පොලොන්නරුව ප්‍රදේශයේ ජනතාව පවා ඔහුව ප්‍රතික්ෂේප කර ඇත