Oct
8

නාමල් රාජපක්ෂට වැඩ වරදින ලකුණු!

 
24 Views
   
 

නාමල් රාජපක්ෂ මහතා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව විවේචනය කරමින් තම X ගිණූමෙහි පළ කල සටහකට විරෝධය පල කරමින්, ප්ලස් වන් ජාතික ක්‍රියාකාරිත්වයේ සාමාජිකයින් විසින් පැමිණිල්ලක් ජනාධිපතිවරයා වෙත භාරදීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා.

ඒ අනුව ප්ලස් වන් ජාතික ක්‍රියාකාරිත්වයේ සාමාජිකයින් විසින් ලබා දුන් සටහනෙහි වැඩිදුරටත් ඔවුන් කියා සිටියේ, ගරු ජනධිපති තුමාගේ දූෂනය සහ වංචාව මුලිනුපුටා දැමීමේ සංකල්පනය පෙරදැදි කරගත් වැඩසටහන හැල්ලුවට ලක් කිරීමට ඉඩ සලසා නොදෙන ලෙසත් මහජනතාවගේ ඒකායන බලාපොරොත්තුව වන උතුම් මාතෘ භූමිය දුෂණයට ලක් කල උන්ට නිසි දඬුවම් ලබා දීම සදහා ඔවුන් නීතිය ඉදිරියට ගෙන එන ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් මුළු මහත් ජාතිය වෙනුවෙන්ම ඔවුන්​ගේ ක්‍රියාකාරීත්වය මෙසේ ආයාචනය කරන බවයි.

නාමල් රාජපක්ෂ මහතාගේ X ගිණුමෙහි පළ කල එම සටහ​න උපුටාගැනීම සහ පරිවර්ථනය –

“ ජනාධිපති අනුරදිසානායක සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරමින් සිටින්නේ අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබා ඇති බවයි. ජනාධිපති ඒ.කේ.ඩී.ට තම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබේ – නාමල් රාජපක්ෂ “

තව​ද, එම සංවිධානයේ කැඳවුම්කරු වින්සද යසස්මිණි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ජනතාවගේ මුදල් හොරාකෑව මොවුන් දූෂණයෙන් තොරව රට කරගෙනයාමට ක⁣ටයුතුකරන ජනාධිපතිතුමාට චෝදනාකිරීමට විරුද්ධව ක්‍රියාකලයුතු බවය.

ප්ලස් වන් ජාතික ක්‍රියාකාරිත්වයේ සාමාජිකයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල ලිපිය පහතින් දැක්වේ –

“ගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවදී ජන රජයේ නවවන ජනාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ඔබ වෙත රට වෙනුවෙන් මමත් එකෙක් යන්න තේමා කරගත් “+ 1 ” ජාතික ක්‍රියාකාරිත්වය වෙනුවෙන් අපගේ සුභාශිංසනය සැල කර සිටිමු.

මාතෘ භුමිය වෙනුවෙන් මෙහි දූෂණය සහ වංචාව මුලිනුපුටා දැමීම උදෙසා කටයුතු මෙහෙය වන්නෙකු යටතේ නව බලාපොරොත්තුවකින් යුතුව ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප ඔබතුමන් සමඟ ඒ සදහා අත්වැල් බැඳගෙන ඉතාමත් සතුටින් අනාගතයට මුහුණ දීමට සැරසී සිටින්නෙමු.

මාතෘ භූමියට අයත් දේපල බිලියන ගණනින් ගසා කැ රාජපක්ෂ පාලන සාමය තුල සිදු වූ මූලය අක්‍රමිකතා රටට හෙළි කරමින් ඔබ විසින් කල අනගි සේවය මෙන්ම එසේ මෙම මාතෘ භූමීය දුෂණය කල දුෂිතයන්ට එරෙහිව නිසි ආකාරයට නීතිමය ක්‍රියා මාර්ග මත විමර්ශන සිදුකර දඬුවම් නියම කරන දින දක්වා ඔබ සමග මුලු රටම එක මිටට සිටින බව අප තරයේ ප්‍රකාශ කර සිටින්නේ මහත් ආඩම්බරයෙනි.

එවන් පසුබිමක නාමල් රාජපක්ෂ විසින් x පණිවිඩයක් නිකුත් කරමින් ඔබගේ වැඩපිළිවෙල පිළිබඳව දැඩි විවචනාත්මකව සටහනක් නිකුත් කර ඇති අතර පහත උපුටගැනීමේ දැත්වෙන එම පණිවිඩය සම්බන්ධයෙන් දූෂණය වංචාව පිටු දකින දිනය ඔබ උදාකරන තෙක් මහත් ප්‍රබෝදයෙන් සිටින අප ක්‍රියාකාරීත්වය අපගේ බලවත් අප්‍රසාදය පල කර සිටිමු. “

 

 

 

 

 

 

මෙන්න බලන්න තවත් ගොසිප්