Aug
11

මට සහය දෙන හැමෝගෙම දේශපාලන අනාගතය සුරක්ෂිත කරනවා – රනිල්

 
60 Views
   
 

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ මහනුවර ඕක් රේ රීජන්සි හෝටලයේ අද (10) පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජනාධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදි අගය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට කැපවන බවද ප්‍රකාශ කර සිටියා.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛනයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

මෙන්න බලන්න තවත් ගොසිප්