ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වන්නේ ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමය. එහි පුරෝගාමීන් ලෙස රටේ තාරුණ්‍යය පෙළ ගැස්වීම උදෙසා දැවැන්ත කාර්යභාරයක් සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට පැවරී ඇත.
ඒ අනුව එහි එක් පියවරක් ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Yourth 2024 වැඩසටහන ජුනි මස 14 සහ 15 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජවසම්පන්න තරුණ බලවේගයක් තුළින් තිරසාර සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකේය තරුණ පරපුර තුළ ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් Smart Yourth Exibition වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව වර්තමානයේ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු ජාතික තරුණ සේවා සභාව විසින් හඳුනාගෙන ඇති අතර එම ගැටලු, අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදිය හැකි එක් ස්ථානයක් නිර්මාණය කිරීම මෙහිදී සිදු වේ. ඒ අනුව තරුණ තරුණියන්ට මෙම ප්‍රදර්ශන මාලාව හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳා ගනිමින්, සිය අදහස් සහ යෝජනා ද ඉදිරිපත් කරමින් රට සංවර්ධනය කරා යන ගමනට තරුණයින් ලෙස දායක වන්නේ කෙසේද යන පූර්ණ ක්‍රියාවලිය එක් ස්ථානයක ගොනු කර තිබේ.
Smart Yourth Exibition වැඩසටහන තුළ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රදර්ශන කලාප කිහිපයක් සහ විවිධ අංග, තරඟ සංවිධානය කර තිබේ. එනම්,
- නවීන ලෝකයට ගැළපෙන වෘත්තීය පුහුණු පාඨමාලා
- දේශීය සහ විදේශීය අධ්‍යාපන සහ රැකීරක්ෂා අවස්ථා
- ව්‍යවසායකත්ව දැනුම සහ ව්‍යාපාර ණය පහසුකම්
- Smart Agriculture
- පෞරුෂය වර්ධනය සහ නායකත්ව පුහුණුව
- ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ තාරුණ්‍යය ආකර්ශනය වන අශ්වාරෝහක සංදර්ශන, යතුරුපැදි සංදර්ශන ඇතුළු බොහෝ අංගයන්
- මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් පුනුරුත්ථාපනය සම්බන්ධ වැඩසටහන්
- සෞන්දර්ය සහ කලා කෞශල්‍ය වර්ධනය වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන්
- සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ විශේෂ පහසුකම් සලසාදීමේ සේවා කුටි
- පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්ගේ සේවාව ලබාගත හැකිවීම සහ ගැටළු සඳහා විසඳුම් ලබාදීම
- ප්‍රදේශයේ පාසල් සම්බන්ධකොට ගත් තූර්‍යය වාදක තරඟ හා නර්තන වැඩසටහන්
- කුඩා දූ දරුවන්ට සහභාගීවිය හැකි සැණකෙළි භූමි පරිශ්‍රයක්
- තාරුණ්‍යයේ දක්ෂතා උරගා බලා රුපියල් මිලියන ගණනින් මුදල් ත්‍යාග ඇතුළු අනෙකුත් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවන්
වැඩසටහන අවසානයේ ආදරණීය තරු පිරිවරාගත් දැවැන්ත සංගීත ප්‍රසංගයක් ජුනි මස 15වැනිදා රාත්‍රී 08.00ට පැවැත්වේ.