Jun
5

ලංකාවේ නම ගිය ආයතනයක් සත්ව ආහාර වලින් බියර් හදලා?

 
180 Views
   
 

අරක්කු බියර් අලෙවි කරන ලංකාවේ නම ගිය ආයතන හිමි කරුවෙකු සහ කෘෂිකර්මාන්ත දෙපාර්තුමේන්තුවේ ලොකු පුටුවක් එක්ව සත්ව ආහාර භාවිතයෙන් බියර් නිෂ්පාදන ජාවාරමක් සිදු කරගෙන ය​න බව​ට සමස්ත ලංකා සත්ව ආහාර ගොවියන්ගේ සංගමය චෝදනා කරනවා. 

අදාල පුද්ගලයා එ​ම මුල් පුටු හොබවන රජයේ සේවකයෙකයාට අල්ලස් ලබා ඇති බවත් එහි සදහන්. 

එමෙන්ම මෙම පුද්ගලයා සත්ව ආහාර බෙදාහරින්නෙකු ලෙස පෙනී සිටිමින් රාජ්‍ය නිළධාරීන්ට අල්ලස් ලබා දී, සත්ව ආහාර වෙලදුන්ට ලබා දෙන බලපත්‍රද හිමි කරගෙන ඇති බව වැඩිදුරටත් සදහන්ය.

මෙමඟින් සිදු වන්නේ රජයෙන් ලබා දෙන්නා වූ එම සත්ව ආහාර නිසි ගොවියාට අතට පත් නොවීමෙන් මස් ආහාර, බිත්තර. කිරි මිල තවත් ඉහළ යෑම නොවේද ? මේ නිසා එදා වේල සොයාගන්නා සාමාන්‍ය ජනතාවගේ බඩට තවත් පහරක් එල්ල වීමෙන් දිනෙන් දින ඉහළ යන බඩු මිල දිහා බලා සිටීමට අපට සිදු වනු ඇත.

එපමණක් නොව යොදාගත් එම සත්ව ආහාර මිනිසුන්ට කෙතරම් දුරට බලපාන්නේදැයි යන්න ඉක්මණ් විමර්ශණයක් මේ පිළිබදව පැවැත්විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා . 

රජයේ ඉහළ සිට පහළමට යන මෙම වංචා හා දූෂණ මැඩ පැවැත්වීමට අප පොදු ජනතාව ලෙස එකාමෙන් පෙලගැසිය යුතු කාලයක් එලබ ඇත. එතෙක් අදාල බලධාරීන්ගේ නිසි අවධානය මේ සදහා යොමු වනු ඇතැයි අප ප්‍රාර්ථනා කරමු. 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්